Mar 4, 2012


උංගා......    ඉතිරි කොටස
දිනක් නජිං වත්තේ වැඩ කරමින් සිටින අතර දිය නාමින් සිටින සුද්දී ඔහුට ඈතින් දිස්විය. සුද්දී සැබෑවටම රූමත් එකියකැයි නජිංට සිතින. තම පුතු ගැන ඔහුට ආඩම්බරයක් ඇති විය. ඇගේ දිගු වරල ඉණෙන් පහළට වැටී නැළවෙන හැටි ඔහු දිටීය. එකෙනෙහිම ඇගේ පිටෙහි වු කළු ලප තුනක් ඔහු අහම්බෙන් දිටීය. එතෙක් වෙලා ඇගේ රුව දෙස බලා සිටි ඔහුට දුටු දෙය අදහා ගත නොහැකි විය. ලාම්පු තෙල් ගෙනෙන්නට කඩයට ගිය වෙලාවේ මාටිංලා කියු කතාව ඔහුට මතක් විය.ීසුද්දී නොනක්කා වගේමයි. ආයෙ ඇරපු අතක් නෑ. නෝනක්කගේ ගිය ආත්ෙමි සහෝදරියක්ද දන්නෑ. මාටිං කියු කතාවට මුවින් වදනකුදු නොදෙඩු නජිං ඒ කතාව අමතක කර දැමීය. සුද්දීගේ පිටෙහි වු උපන් ලප තුන නජිංට හොඳටම පුරුදුය.


ඔහුට එකින් එක මතක් වන්නට විය. නජිං බුරු ඇඳට ගොස් කල්පනා කරන්නට වුයේ තමා කොහේදී හෝ මෙවැනි උපන් ලප තුනක් දැක ඇති සටි යැයි කල්පනා මල්ල උකුලට ගෙන අත දමා හාර හාරා ඔහු සිතිවිලි වල පොරබදන්නට විය.

මීට බොහෝ කලකට පෙර හින්නීට පසුව උපන් කෙල්ල පොඩි නෝනාගේ අයියාට දරුකමට හදා ගැනීමට දුන් බව නජිංට මතකය. ඒත් ඒ දරුවාත්, පොඩි නෝනාගේ ලොකු අයියාගේ පවුලත්, ලොකු අයියාත්, කන්ද කඩා වැටීමෙන් ගේ යටවී මියැදුනු බව ඔහුට ටක්කෙටම මතකය. ඒ කන්ද කපා මිණි ඇද ගැනීමට කොතෙකුත් උත්සාහ කළද බැරි තැන ගම්මු එය අතහැර දැමුහ. ඒ නැතිවුන දරුවා ගැන නජිං දුක් වු වාර අනන්තය. කෙසේ හෝ ඒ දරුවා ඉපදුන අලූත දරුවාගේ පිටෙහි තිබු සුද්දීගේ වන් එක පේළියට ඇති උපන් ලප තුන ඔහුට මතකය. නජිං බුලත් පුවක් දැමු මල්ල ගෙන ගෙන් පිටවිය. කෙළින්ම නැවතුනේ සුද්දිලාගේ මහ ගෙදරය. සුද්දීගේ අප්පා හදි ගැහී, වෙනසක් නොපෙන්වා ආගිය කතා ගැන දොඩමළු විය. ඒකෙන් මේකෙන් දෙදෙනාම රා කට්ටක් තොල ගාන්නට කතිකා කර ගත්හ. ගගෙන් එහා පැත්තේ ගෙමයියාගේ රා කට්ටක් බීමට දෙදෙනාටම සිත් විය.

හොඳට පදම්ව වෙරි ඇති විට නජිං කාරණාව කතා කරන්නට සිතීය.ීඅයියේ මං මේ අහන්නම කියල හිටියෙ. මම මේ කියන දේ ගැන උඹ හත නරක් කරගන්නෙපාv.ීකියහං මල්ලියේ උඹෙයි මගෙයි මොනව හංගන්නද?ඇත්තටම සුද්දි උඹේ දරුවෙක්ද?ීදෙදෙනා අතර දැඩි නිහැඩියාවක් විය. නිහැඩියාව අතරේ සුද්දීගේ අප්පා උගුරේ රැුල් බුරුල් හැරීය.ීඒ කියන්නේ එහෙනං උඹ ඒකත් දැන ගත්තා මට මුළු කතාවම කියපං අයියේ.

ඔහු කළ කතාවෙන් නජිංට අග මුල හොඳින් වැටහුණු සුද්දී, ඔහුගේ දියණියක නොවන වගත් පෙරකී ස්ථානයේ කන්දක් කඩා වැටී තිබුණු බව ආරංචි ලද විගස එතනට ගිය ඔහු මේ දැරිවිය දුටු බවත් ඈ ගැන දුක හිතී දරුකමට හදා ගත් බවත් ඔහු පිළිතුරු දිනි. ඒ දැනගත් නජිංට දෙලෝ රත් විය. අතින් රා කටුව ගිලිහී ගොම ගොම ගොඩක් උඩ වැටිණ.ීමං ගෙදර ගොහිං එන්නං එසේ කියු නජිං පොලට ගොස් එන කරත්තයේ නැගී ගෙදරට සේන්දු විය.ීමට හරි අමාරුයි බං... පෑවිල්ලට ඉහ කැරකෙනවා දවල් බතද අමතක කර බුරු ඇඳට වැටී නිදන්ට විය. ගෙදර අයට හිටියේ නජිං, නෝනක්කා, උංගා හා සුද්දි පමණි. අනික් දරුවන් ගමේ තැන් තැන් වල ගෙවල් හදාගෙන ජීවත් වෙති. ගොම්මන ලංවිය. යක්කු ගස් නගින වෙලාවට තෙල් පාන පත්තු කර ගෙට ඉදිරිපසින් ඉදිකළ අසුන මත තබා බුදුන් වැඳ පොඩි නෝනා නජිංට කතා කළාය. තව දුරටත් හිතේ වාවාගත නොහැකි දුක පොඩි නෝනාට පැවසීය යුතුයැයි නජිංට සිතිණ.ීබුදු අම්මෝ............අම්මේ අම්මේ මොකෝ මේ...... උංගා කෑ ගහගෙන එළියට පැන්නේය.ීමයෙ කකුළ පෙරලූනා බං පොල් තෙල් පහන සුළං සැරට නිවී ගියෙන් උංගාට නජිංගේ මුණ නොපෙනින.ීඉදින් මං තෙල් ටිකක් අරන් එන්නං උංගා ගෙට ගියේය. කොහේදෝ සිට පුසකු අමුතු ආකාරයකට අඩ කියනු නජිංට ඇසිණ. ගොයම් මැස්සන් පොඩිවන ගඳ ඔහුගේ නැහැයට දැනින.ීහරිම පොළොං ගඳයි කියාගෙන සුද්දී එළියට ආවාය. එදා? නජිං නිදා ගත්තේ පොඩි නෝනාට පෙනෙන්නටය. හඳ එළිය සීරුවට වැටී තිබිණ. මුළු අහසම වළාකුළු වලින් තොරවිය. තරු කැට එකින් එක දිලිසෙන්නට පටන් ගති. නජිංට නින්ද නොයාම මහ කරදරයක් විය. ගුරු පාර දිගේ ඇවිද ගොස් ගං ඉවුරට වැටෙන තොටුපොලගාව නජිං නතර විය. තොටුපලේ නවතා තිබු සේතංගේ කබල් ඔරුවට ගොඩවුනු නජිං මොහොතකින් ගග මැද විය. ගග දිගේ පාවී ඇදෙන ලී කොටයක් දුටු නජිං හොඳ වෙස් මුහුණක් කපා ගැනීමට හැකි කදුරු ලීයකැයි සිතා දෑතින්ම අල්ලා එය ඔරුවට දමන්නට පාත් විය. එකෙනෙහිම කිඹුල් පතයා නජිං ගොදුරු කරගති. පිහිණිමටවත් නොදන්නා නජිං අසණව ගග මැද කිඹුල් පතයා සමග පත්ලට කිමිදුනි. සේතංගේ ඔරුව කිසිත් නොදත්තාක් මෙන් තාලෙට පැද්දි පැද්දි පහළට යන්නට විය.

උදෑසනම ගං ඉවුරට ගොඩ ගැසු නජිංගේ සරමත්, මිනිස් අතකුත් දුටු ගම්මු නජිං කිඹුලාට ගොදුරු වු බව තේරුම් ගති. හිගන්නාගේ පාත්තරයට හෙණහුරා වැටුනාක් මෙන් පොඩි නෝනාට ඉහිලූම් නැති විය. එකත් එකටම මයෙ පණ දිවිනහගන්ට ඇති යැයි පොඩි නෝනාට සිත්විය. ගමේ කාගේත් එකමුතුවෙන් මළ ගෙයක් නැතත් මතක බණ කියා හත් දවසේ දානේ  දීමෙනුත් පසුවය පොඩි නෝනා හරියට බත් ටිකක් කෑවේ. ඇගේ ඉසට ඉසකුඩිච්චියක් දාගන්නට ඇයට කිහිප විටක්ම සිතිණ. හැමදාමත් දුක කීවේ පහන් පැලටය. නෝනක්කා පිස්සුවෙන් මෙන් පහන් පැල ළගට ගොස් විකාර දොඩවන්නට පටන් ගත්තාය. එවෙලේ් ගෙදර හිටියේ උංගා පමණි.ීමගෙ රත්තරං උංගා පුතේ, සුද්දි උඹේ අක්කා. ඒකිගෙ පිටේ උපන් ලප දැකල තාත්තා දිවිනහගත්තා. උඹ මොකවත් දන්නෙ නෑ මගෙ දෙයියො. සුද්දි ඉපදුන අලූත අපෙ අයියට දරුකමට හදාගන්න දුන්න. සුද්දි උඹේ අප්පගෙන් ජාතක වෙච්ච කෙල්ල. ඔන්න  ඕකයි පුතේ කතන්දරේීපොඩි නෝනා වියරුවෙන් මෙන් දෙඩවු දෙඩවිල්ල උංගා කම්පනයට පත් කළේය. අම්මා අල්ලාගෙන කුස්සිය යාලත්තේ පඩිය උඩ වාඩි කරවා හිස අතගා රණවරා පොල් කට්ටකුත් කිතුල් හකුරු කෑල්ලකුත් අතට දී ඇගේ හිත සනසන්නට පටන් ගත්තේය. ඇය පියවි සිහිය ලද බව ඇගේ ඇස් දෙක බැලූ ඔහුට අවබෝධ විය.ීඅම්මෙයි උඹෙන් මං කාරණයක් අහන්නෙයි ඈත පාලූ ඉඩමේ වේලී ගිය කොළ හැලූනු කොට්ටමිබා ගස් මුදුන් දෙස ඈ ඔහේ බලා සිටියාය.ීඅමිම දෙඩපු කතාව ඇත්තෙයි අම්මෙ උංගාගේ කටහඩ වෙවිලන්නට විය.ීසුද්දි උඹ වගේ කියල නොකියන එකෙක් නෑනෙ ඔව් මයෙ පුතේ, ඒකි උඹේ අක්කා උංගා ඉද්ද ගැසුවාක් මෙන් කෙළින් විය. නැගිටපු සැරේට ඔහුගේ සරම කඩා හැලින. අමුඩය ගසා තිබුණෙන් සරමක් ගැන නිනව්වක් උංගාට නැති විය. උංගා අඩමින් පොල්ලෙලි කොරොට්ට දෙසට ඇවිද යන්නට විය. නෝනක්කා රණවරා කට්ට මිදුලට විසිකරීමයෙ පුතේ කියා මොර දෙන්නට පටන් ගත්තාය.
   
   
’නෝනක්කේ, සරමක් සරමක් ෙබිබි නැන්ද පිලට දිව ආවාය. නෝනක්කාගේ මුවට මද සිනාවක් නැගින. ගෙයි ඉදිරිපස දොඹ බෙනයේ ගිරා පැටව් කටවල් අයාගෙන කෑ ගහද්දී ගිරවිය කොහේදෝ සිට පියාඹාගෙන විත් උන්ට කෑම කවනු නෝනක්කා දැක්කාය.

අහවරයි.

No comments:

Post a Comment