May 27, 2015

සෙනෙහසක මහිම

කප් සිය දහසක් සසර පුරා පිරු අමා දම් බෙලෙන් ලොව බුදු    වුවේ
ලොවම අනියතය නියත දහමකිය ලොවට උතුම් හිමි සඳ    දෙසුවේ
එවන් අසම සම උතුම් මුනිදුමය මව්නි බුදු පදවිය සම        කෙරුවේ
අම්මා යන ලෝ අමදම් පදයෙහි අරුත ඔබෙනි මව්නේ          දුටුවේ

පරසතු කුසුමක සුවය කොහේදැයි නැත කිසිදින අම්මේ       සිතුවේ
පුදසුන මත පෙති ගිලිහුණ කුසුමක අනියත බවමයි නෙතු      දුටුවේ
සසර සයුරු තෙර තරණය කරනට සංසාරෙම පෙරුමන්       පිරුවේ
සසර පුරුදදට අම්මේ ඒකයි ගිහිගේ අභිනික්මන්               කෙරුවේ




වැලි මළුවේ නෙතු නිසොල්මන්ව අද නිවන් දකින්නට පිං      පුරනා
සසර පුරුද්දට ලොව්තුරු අමදම් අසන සවන් යුගපත්           පිරුණා
අමා ගහක් සේ ගැලු දහම් ගග මවුනි මගේ හදවිල                 රැඳුනා
කෙලෙස් මලින් පිරි සසර වසන දුක නසන් උතුම් සිත පහළ    වුනා

පුදසුනක් මත පිපුණ කුසුමක පෙති හැලී නටු පරව                  යද්දී
සියපතක් මත නිසල පිණි කැට කඳුලු බිඳු වී ගලා                    යද්දී
මහමෙරක් පරදවන දරුපෙම සෙනෙහසින් ළය ඉකි              බිඳිද්දී
කසාවත ළග අසරණයි සිත සෙනෙහසින් ඔබෙ ගුණ             ගයද්දී

දෙතනේ කැටිවුන රන් රුහිරය සෙනෙහසින් ළයේ ඉකි     බින්දාදෝ
ඉපැදෙන මියැදෙන සසර දනව්වේ සුවයක් රැඳුනේ නම්     කොයිදෝ
සෙනෙහස සයුරකි දරුපෙම හබලකි අම්මේ දැතින්         ගිලිහුණිදෝ
නිවන් දකින බුදු පුතුන් දකින හද කඳුලු වලින් බර වැඩි        වුණිදෝ

නදී.....