May 9, 2012

පියාණනි

මගේ ලෝකය එළිය කරනට
ඔබ දිවිය කැප කලේ සදා
මගේ ලොවෙහි වීරයා නුඹ
සිත කියයි ඔබ ගැන සදා

දුක කියන දෙය නෑ කිසිම දින
මා.... වෙතට ඔබ ලං කලේ
සැපත මා හට ලබා දෙන්නට
ඔබේ දිවියම කැප කලේ

දවස ගෙවිලා ලොකු මහත් වී
මා රජෙකු විය ඔබ ලොවේ
ඔබ රකින්නට අවසරයි මට
පියතුමනි එළැඹෙන දිනේ

පැතුම
 
ජීවතේ සෝ තැවුල් ගිනිගෙන
දැවෙන හද තුළට
සෙනෙහෙ මල් වැස්සක් වී
ඇද හැලෙනවා සිත පුරාවට.....
මහ රෑක දුර ඈතින් ඇසෙන
තුන් පිරිතකට සේම
නෙතු පියවූ විට රෑ තුන්යම
නිවෙනවා සිත නිවෙනවා සෙනෙහසට......
නික්මෙන දාටත් මේ ජීවන
ගමනෙන් දිනයක
පාද චාරිකාව වී පසුපස එන්නට
පතනවා මම පතනවා නිබඳ.....



Mar 27, 2012

අහිමි සෙනෙහස

දෙනෙතින් මා දුටු නුඹේ ලෝකය

මගේමැයි මා සිතූ තරම් නුඹ දුටු විට

පිපුණු මල් රේණු සුවඳ හැමුවාට

අයිතියක් නොමැත පෙම් කල පමණින්ම
 
කල පිං මදිකමට නුඹ ලබන්නට

නැත සිතක් සිතේ සෙනෙහස මකාලන්නට

නුපුරුදු දුක් කඳුළු තුරුළු කරන්ම

හිඳිනෙමි බලා මතු සසරක නුඹ ලබන්නට
දයාබර මව්නි....

සිතුවිලි අතර සිරකර නුෙඹි කිරෙහි නම
අම්මේ සිහිවුනා නුඹ මට දුන් දිරියෙ පෙම
පුතුගේ සිතට දැනුනද දුක් විරිය සැම
නුඹ දුන් කිරෙන් ඇත එළියම නුඹේ නම




සෙනෙහස ලබන කල නුඹගේ තුරුලෙ හිඳ
නැග එයි මතකයට නුඹෙ සෙනෙහසෙහි සඳ
පැතුමක් පතන්නම් තනිවු මුර කුටියේ සිඳ
අම්මා වෙන්න මතු සසරෙත් මගේ ලඳ


හිරිකඩ වැහි සුලං කුටියට නොම ඒවා
පුතුගේ මතකයට නුඹ සිතුවිල්ලක් වේවා
කඳුලක් පොදි බැන්ඳ මතකය නොම ඒවා
දුන් දිරි හඳට නුඹ මතු දින බුදු වේවා

Mar 19, 2012

අහිමි පෙම.....

අයෙමත් කිසිදු දිනයක
හමු නොවන්නට
පැතුම් පැතූ අප
හමු උනා...
ආයෙමත් නොසිතූ විලසින්...
පිටකොටුවෙ බස් නැවතුමේ

එදා වගේමයි වෙනස් වී නෑ
තාම මම නම්...
වෙනස් වී ඔබ
ඔබත් නිහඩයි මමත් නිහඩයි
නුවන් අවදිව
කඳුළු අතරින් බලයි මා දෙස
නිහඩ සිතුවිලි කළඹවයි සිත

එදා වගෙ නොව දැනෙයි සිතුවිලි
පෙළයි මා හද
ඔබත් නිහඩයි මමත් නිහඩයි
පිටත් වන්නට සැරසුනා බදුළු බස් රිය
අයෙමත් අප වෙන් උනා
සුසම් පොදි ගෙන

Mar 4, 2012


උංගා......    ඉතිරි කොටස
දිනක් නජිං වත්තේ වැඩ කරමින් සිටින අතර දිය නාමින් සිටින සුද්දී ඔහුට ඈතින් දිස්විය. සුද්දී සැබෑවටම රූමත් එකියකැයි නජිංට සිතින. තම පුතු ගැන ඔහුට ආඩම්බරයක් ඇති විය. ඇගේ දිගු වරල ඉණෙන් පහළට වැටී නැළවෙන හැටි ඔහු දිටීය. එකෙනෙහිම ඇගේ පිටෙහි වු කළු ලප තුනක් ඔහු අහම්බෙන් දිටීය. එතෙක් වෙලා ඇගේ රුව දෙස බලා සිටි ඔහුට දුටු දෙය අදහා ගත නොහැකි විය. ලාම්පු තෙල් ගෙනෙන්නට කඩයට ගිය වෙලාවේ මාටිංලා කියු කතාව ඔහුට මතක් විය.ීසුද්දී නොනක්කා වගේමයි. ආයෙ ඇරපු අතක් නෑ. නෝනක්කගේ ගිය ආත්ෙමි සහෝදරියක්ද දන්නෑ. මාටිං කියු කතාවට මුවින් වදනකුදු නොදෙඩු නජිං ඒ කතාව අමතක කර දැමීය. සුද්දීගේ පිටෙහි වු උපන් ලප තුන නජිංට හොඳටම පුරුදුය.


ඔහුට එකින් එක මතක් වන්නට විය. නජිං බුරු ඇඳට ගොස් කල්පනා කරන්නට වුයේ තමා කොහේදී හෝ මෙවැනි උපන් ලප තුනක් දැක ඇති සටි යැයි කල්පනා මල්ල උකුලට ගෙන අත දමා හාර හාරා ඔහු සිතිවිලි වල පොරබදන්නට විය.

මීට බොහෝ කලකට පෙර හින්නීට පසුව උපන් කෙල්ල පොඩි නෝනාගේ අයියාට දරුකමට හදා ගැනීමට දුන් බව නජිංට මතකය. ඒත් ඒ දරුවාත්, පොඩි නෝනාගේ ලොකු අයියාගේ පවුලත්, ලොකු අයියාත්, කන්ද කඩා වැටීමෙන් ගේ යටවී මියැදුනු බව ඔහුට ටක්කෙටම මතකය. ඒ කන්ද කපා මිණි ඇද ගැනීමට කොතෙකුත් උත්සාහ කළද බැරි තැන ගම්මු එය අතහැර දැමුහ. ඒ නැතිවුන දරුවා ගැන නජිං දුක් වු වාර අනන්තය. කෙසේ හෝ ඒ දරුවා ඉපදුන අලූත දරුවාගේ පිටෙහි තිබු සුද්දීගේ වන් එක පේළියට ඇති උපන් ලප තුන ඔහුට මතකය. නජිං බුලත් පුවක් දැමු මල්ල ගෙන ගෙන් පිටවිය. කෙළින්ම නැවතුනේ සුද්දිලාගේ මහ ගෙදරය. සුද්දීගේ අප්පා හදි ගැහී, වෙනසක් නොපෙන්වා ආගිය කතා ගැන දොඩමළු විය. ඒකෙන් මේකෙන් දෙදෙනාම රා කට්ටක් තොල ගාන්නට කතිකා කර ගත්හ. ගගෙන් එහා පැත්තේ ගෙමයියාගේ රා කට්ටක් බීමට දෙදෙනාටම සිත් විය.

හොඳට පදම්ව වෙරි ඇති විට නජිං කාරණාව කතා කරන්නට සිතීය.ීඅයියේ මං මේ අහන්නම කියල හිටියෙ. මම මේ කියන දේ ගැන උඹ හත නරක් කරගන්නෙපාv.ීකියහං මල්ලියේ උඹෙයි මගෙයි මොනව හංගන්නද?ඇත්තටම සුද්දි උඹේ දරුවෙක්ද?ීදෙදෙනා අතර දැඩි නිහැඩියාවක් විය. නිහැඩියාව අතරේ සුද්දීගේ අප්පා උගුරේ රැුල් බුරුල් හැරීය.ීඒ කියන්නේ එහෙනං උඹ ඒකත් දැන ගත්තා මට මුළු කතාවම කියපං අයියේ.

ඔහු කළ කතාවෙන් නජිංට අග මුල හොඳින් වැටහුණු සුද්දී, ඔහුගේ දියණියක නොවන වගත් පෙරකී ස්ථානයේ කන්දක් කඩා වැටී තිබුණු බව ආරංචි ලද විගස එතනට ගිය ඔහු මේ දැරිවිය දුටු බවත් ඈ ගැන දුක හිතී දරුකමට හදා ගත් බවත් ඔහු පිළිතුරු දිනි. ඒ දැනගත් නජිංට දෙලෝ රත් විය. අතින් රා කටුව ගිලිහී ගොම ගොම ගොඩක් උඩ වැටිණ.ීමං ගෙදර ගොහිං එන්නං එසේ කියු නජිං පොලට ගොස් එන කරත්තයේ නැගී ගෙදරට සේන්දු විය.ීමට හරි අමාරුයි බං... පෑවිල්ලට ඉහ කැරකෙනවා දවල් බතද අමතක කර බුරු ඇඳට වැටී නිදන්ට විය. ගෙදර අයට හිටියේ නජිං, නෝනක්කා, උංගා හා සුද්දි පමණි. අනික් දරුවන් ගමේ තැන් තැන් වල ගෙවල් හදාගෙන ජීවත් වෙති. ගොම්මන ලංවිය. යක්කු ගස් නගින වෙලාවට තෙල් පාන පත්තු කර ගෙට ඉදිරිපසින් ඉදිකළ අසුන මත තබා බුදුන් වැඳ පොඩි නෝනා නජිංට කතා කළාය. තව දුරටත් හිතේ වාවාගත නොහැකි දුක පොඩි නෝනාට පැවසීය යුතුයැයි නජිංට සිතිණ.ීබුදු අම්මෝ............අම්මේ අම්මේ මොකෝ මේ...... උංගා කෑ ගහගෙන එළියට පැන්නේය.ීමයෙ කකුළ පෙරලූනා බං පොල් තෙල් පහන සුළං සැරට නිවී ගියෙන් උංගාට නජිංගේ මුණ නොපෙනින.ීඉදින් මං තෙල් ටිකක් අරන් එන්නං උංගා ගෙට ගියේය. කොහේදෝ සිට පුසකු අමුතු ආකාරයකට අඩ කියනු නජිංට ඇසිණ. ගොයම් මැස්සන් පොඩිවන ගඳ ඔහුගේ නැහැයට දැනින.ීහරිම පොළොං ගඳයි කියාගෙන සුද්දී එළියට ආවාය. එදා? නජිං නිදා ගත්තේ පොඩි නෝනාට පෙනෙන්නටය. හඳ එළිය සීරුවට වැටී තිබිණ. මුළු අහසම වළාකුළු වලින් තොරවිය. තරු කැට එකින් එක දිලිසෙන්නට පටන් ගති. නජිංට නින්ද නොයාම මහ කරදරයක් විය. ගුරු පාර දිගේ ඇවිද ගොස් ගං ඉවුරට වැටෙන තොටුපොලගාව නජිං නතර විය. තොටුපලේ නවතා තිබු සේතංගේ කබල් ඔරුවට ගොඩවුනු නජිං මොහොතකින් ගග මැද විය. ගග දිගේ පාවී ඇදෙන ලී කොටයක් දුටු නජිං හොඳ වෙස් මුහුණක් කපා ගැනීමට හැකි කදුරු ලීයකැයි සිතා දෑතින්ම අල්ලා එය ඔරුවට දමන්නට පාත් විය. එකෙනෙහිම කිඹුල් පතයා නජිං ගොදුරු කරගති. පිහිණිමටවත් නොදන්නා නජිං අසණව ගග මැද කිඹුල් පතයා සමග පත්ලට කිමිදුනි. සේතංගේ ඔරුව කිසිත් නොදත්තාක් මෙන් තාලෙට පැද්දි පැද්දි පහළට යන්නට විය.

උදෑසනම ගං ඉවුරට ගොඩ ගැසු නජිංගේ සරමත්, මිනිස් අතකුත් දුටු ගම්මු නජිං කිඹුලාට ගොදුරු වු බව තේරුම් ගති. හිගන්නාගේ පාත්තරයට හෙණහුරා වැටුනාක් මෙන් පොඩි නෝනාට ඉහිලූම් නැති විය. එකත් එකටම මයෙ පණ දිවිනහගන්ට ඇති යැයි පොඩි නෝනාට සිත්විය. ගමේ කාගේත් එකමුතුවෙන් මළ ගෙයක් නැතත් මතක බණ කියා හත් දවසේ දානේ  දීමෙනුත් පසුවය පොඩි නෝනා හරියට බත් ටිකක් කෑවේ. ඇගේ ඉසට ඉසකුඩිච්චියක් දාගන්නට ඇයට කිහිප විටක්ම සිතිණ. හැමදාමත් දුක කීවේ පහන් පැලටය. නෝනක්කා පිස්සුවෙන් මෙන් පහන් පැල ළගට ගොස් විකාර දොඩවන්නට පටන් ගත්තාය. එවෙලේ් ගෙදර හිටියේ උංගා පමණි.ීමගෙ රත්තරං උංගා පුතේ, සුද්දි උඹේ අක්කා. ඒකිගෙ පිටේ උපන් ලප දැකල තාත්තා දිවිනහගත්තා. උඹ මොකවත් දන්නෙ නෑ මගෙ දෙයියො. සුද්දි ඉපදුන අලූත අපෙ අයියට දරුකමට හදාගන්න දුන්න. සුද්දි උඹේ අප්පගෙන් ජාතක වෙච්ච කෙල්ල. ඔන්න  ඕකයි පුතේ කතන්දරේීපොඩි නෝනා වියරුවෙන් මෙන් දෙඩවු දෙඩවිල්ල උංගා කම්පනයට පත් කළේය. අම්මා අල්ලාගෙන කුස්සිය යාලත්තේ පඩිය උඩ වාඩි කරවා හිස අතගා රණවරා පොල් කට්ටකුත් කිතුල් හකුරු කෑල්ලකුත් අතට දී ඇගේ හිත සනසන්නට පටන් ගත්තේය. ඇය පියවි සිහිය ලද බව ඇගේ ඇස් දෙක බැලූ ඔහුට අවබෝධ විය.ීඅම්මෙයි උඹෙන් මං කාරණයක් අහන්නෙයි ඈත පාලූ ඉඩමේ වේලී ගිය කොළ හැලූනු කොට්ටමිබා ගස් මුදුන් දෙස ඈ ඔහේ බලා සිටියාය.ීඅමිම දෙඩපු කතාව ඇත්තෙයි අම්මෙ උංගාගේ කටහඩ වෙවිලන්නට විය.ීසුද්දි උඹ වගේ කියල නොකියන එකෙක් නෑනෙ ඔව් මයෙ පුතේ, ඒකි උඹේ අක්කා උංගා ඉද්ද ගැසුවාක් මෙන් කෙළින් විය. නැගිටපු සැරේට ඔහුගේ සරම කඩා හැලින. අමුඩය ගසා තිබුණෙන් සරමක් ගැන නිනව්වක් උංගාට නැති විය. උංගා අඩමින් පොල්ලෙලි කොරොට්ට දෙසට ඇවිද යන්නට විය. නෝනක්කා රණවරා කට්ට මිදුලට විසිකරීමයෙ පුතේ කියා මොර දෙන්නට පටන් ගත්තාය.
   
   
’නෝනක්කේ, සරමක් සරමක් ෙබිබි නැන්ද පිලට දිව ආවාය. නෝනක්කාගේ මුවට මද සිනාවක් නැගින. ගෙයි ඉදිරිපස දොඹ බෙනයේ ගිරා පැටව් කටවල් අයාගෙන කෑ ගහද්දී ගිරවිය කොහේදෝ සිට පියාඹාගෙන විත් උන්ට කෑම කවනු නෝනක්කා දැක්කාය.

අහවරයි.

Mar 1, 2012

උංගා......

ඈ බං ඇත්තෙයි අර බෙම්පියගෙ කරත්තෙ සත් දහේටත් පොල් දෙනවයි කියන්නෙ?මොන කෙප්පද බං ඔය කාගෙ හරුපද?

උන් ගැහිල්ල නොගැහිල්ල කෙසේ වුවද බඹ කීපයක් දිග ලණු කැරලි ගණනාවක් අතින් අඹරා ගන්නට ඒ කතාව හොඳටම රසවත්ය. බෝරිච්චි අත් හැට්ෙටි ඇඳි ජෙසි අක්කාගේ කටට නිවනක් නැත. ඊටම හුමිටි තබන්නට ඇයටම කියාපු රෙදි හැටිටකාරියක් යස අගේට පිල් කෑල්ල දිගට වාඩිගෙනය. නජිං සිඤ්ඤා් මේ කිසිවක් නෑසුනාක් මෙන් කටින් පුවක් කඩකරමින්ද, ඉන් පසුව රසවත්ම බුලත් කොළයක් අතට ගෙන දෙපස පිස දමා නටුවත් තුඩත් කඩා කටේ ඔබා ගනු දකින බවලතුන්ගේ කතා රස හීනවේ. ගොනා හැරෙන අත හොඳින් දන්නා නජිං ඔවුන් දෙස නොබලාම හෙප්පුව දික් කරයි. ලණු විවිල්ල පසෙකලා ජෙසි අක්කා හරි බරි ගැහී වාඩිවී බුලත පදමින් කෙටි රුවා ගනී. ඉදින් එයටත් පසුවය රස ගගුල මැවෙනුයේ. ආගිය එකී මෙකී නොකී හැම කතාම එවෙලේට ඇය දනී. කනහිරියාව වාවගත නොහී ? බත පතට පෙර, වදෙන් පොරෙන් ඇය එලවා ගන්නා තුරුම ටකය නිහඩ නොවෙයි. දහවලට බත් කා හෝරා කීපයකට පසුව පටන් ගන්නා මේ විවිල්ල ඇතැම් දිනෙක ගොම්මන වන තුරුද දිගට දිගට ඇදේ. පංගුවක් දිනවල රාස්සිගේ අව්ව වැටෙන්නට ඔන්න මෙන්න තබියදී මාළු වඩියක් ගැන ආරංචි ලැබී ගැහැණු වැල්ලට ඉගිලෙති. එවන් දිනක මේ ලණු විවිල්ල වෙනත් ස්වරූපයක් ගනී. එදාට ? බත පොඩි නෝනාගේ ගෙදරින් බව නොකිව මනාය. පොඩි නෝනා නජිංගේ දරුවන්ගේ මව්වන්ය.

ඉතින් එවන් දිනක ? මොවුන්ගේ රස කතා අසන්නට ලණු වියන්නට ගන්නා ගැහැණුද නොදන්නා පොඩි උන්ද රොක් වෙති. දුලි පෙරාගත් හෙළු පැට්ටන් ඉගි මරමින් කතා අසති. ඇතැම් විටෙක කොහේදෝ සිට පියාඹා එන කුරුමිණියෙකු දෙකෙකු චිමිනි ලාම්පුවට තද කොට අල්ලා උන්ගේ ඔලූ පුළුස්සති. එසේ නොකළ හොත් ඒ කුඩා සත්තු ගෙන් ගෙට ගොස් කේළාමි කියතියි ඔවුන් සිතූහ. ලාම්පුව නිවි නිවී ඇසිපිය ගහන සැරට මුහුණ නෝක්කඩු කරගත් නජිං, පැට්‍රෝල් මැක්ස් ලාම්පුවෙන්, පිලත් කුඩා ගෙමිදුලෙන් බාගයකුත් එළිය කරවයි. අනේ පොඩි උන්ගේ හෙවනැලි රූකඩ සෙල්ලම ඉන් නිමාවෙයි.

එදාට වෙස්සන්තර ඔහුය. තම බිරියගේ අතින් රසට ඉදෙන හවස දැලේ මාළු හොද්දත්, උණු උණුවේ කැකළු හාලේ බතුත්, පොලූත් එකට අනා මදි පාඩුවට සුදුළුණු බිකකුත් වළඳකට දමා ගෙයි පිටිපස්සේ පිල් කණ්ඩියේ ඇණ තියාගෙන ලෙලි වල දිහා බලාගෙන ඒ බත් ගිල දමියි. ඒ දකින පොඩි නෝනා තව කෑල්ලක් තියාගෙන කීප විඩක්ම කුස්සියටද දුවමින් නැවත එමින්ද නජිංගේ බත් පත සරු කරයි. ඉදින් මදි පාඩුවට ලූණු දෙහි කෑල්ලක් වළඳේ කෙළවරක ඇතිල්ලේ. ඒ ලූණු දෙහි කෑල්ල ඈ නොගෙනාවොත් කටින්ම ඉල්ලන බව පොඩි නෝනා ඉන්තේරුවටම දනීීඔය පොල් කට්ට ගෙනෙං බං කියන තාක් කල්ම පොඩි නෝනාගේ වැඬේ දිවිල්ලමය. දිවිල්ලමය.

බෝතල් කටුවෙන් කටුගා රැුවුල් කපා පදම් කරගත් පිරිමි පොල් කටුවේ වතුර බීමටය නජිං කවදත් ආසා කළේ. කරත්ත වල නැගී වන්දනා ගමන් යනෙන සංදියේ පවා මැටි කෝප්පයක වතුර නොබිව් නජිං, පොල් කට්ටටම පමණක් සිය පිපාසය දැනවීය. කුස්සි කෑල්ලේ මැටි පොළව හාරා වැලි දමා සකස් කර බිම මත තැබු නැවුම් කළයේ වතුර කොහොමටත් සීතලය. බත් කා විගහට සීතල වතුර කටේ හලා ගත් නජිං ඊළග ඇසිල්ලේ ඉස්තෝප්පු පිලේ බුරු ඇඳට ඇදෙන්නේ බිත්තර ගිලගත් ගැරඩියකු ලෙසිනි. එෙවිලේම පොඩි නෝනාගේ සිතත් ගතත් දෙකම පිරෙයි. හිරමනය උඩ වාඩිගෙන බත් බැලයක්ම කා ඉතිරි කටු බොටු ටික බැළලියට දමා ඇයද ගොස් ඉස්තෝප්පු කෑල්ලේ ඔහු අසලින්ම වාඩි ගනී. තරුණ සංදියේදී හෙන්දිරික්කා මල් වට්ටියක් අතින් ගෙන ඔහු සමග වෙලේගොඩ පන්සල් ගිය හැටි ඈට මතක් වන්නේ හරියටම මේ වෙලාවටය. එතැනින් ඇරඹෙන ඇගේ කරුණාව ලිප උඩ බත් මුට්ටිය හීල් වන්නට පෙර ගැහැණු කීපයකගේම බඩවල් වරින් වර පුරවයි. ඉදින් ? වන තුරුම හොඳ හරියක් ලණු අඹරා ගන්නට ඒ ඇති පදම්ය. ඇය කවදත් හුණ්ඩුවක් වැඩියෙන් බත් උයයි. බතට වඩා හීල් බතින් ඈ මන දොළ සපුරයි. ඒ ගැණුන්ගේ ගෙවල් වල ඔවුන්ගේ බත් පත එදාට සිව්පාවෙකුගේ කුස පුරවයි. ආදරයට පොඩි නෝනා කාටත් නෝනක්කා වීය. දෙදෙනාටම වුයේ කම්බ හතරකි. එක සරමක්වත් නැතැයි කියමින් නජිං දුක් වු බව නෝනක්කාට යාන්තමට මෙන් මතකය. ඇගේ මතකයේ හැටියට ඒ හින්නි කෙල්ල උපන් අලූත දිනෙක කොරහට දිය අදින ගමන්ය. එදා නජිං මුණ කොරොස් කරගෙන කී කතාව ඇයට මතකය. නජිං නෝනක්කාට වචනයක් කීවේ එහෙමත් වෙලාවකය. ඔහුට දාව උපන් දරුවන් සිව් දෙනාම ගැහැණු දැරිවියන් වීම නජිංට අමනාප වීමට තරම් කරුණක් නැතැයි පොඩි නෝනා ලණු වියන්නට එන ගැහැණුන් සමග කිහිප විඩක්ම කීවාය. ගෙදර පාලූ මකන්නට වාසනාවකට මෙන් ඇය පිරිමි පුතෙක් වැදුවාය. ඔවුන් ජීවත් වු ඉඩමට යාබදව තවත් ගෙවල් කීපයක්ම තිබිණ. නජිංගේ කිරි අත්තාගේ කාලයේ පටන්ම මේ ඉඩම නජිංලංගේ බව කටවහරින් පැවත එයි. නමුත් කිහිප විඩක්ම ගමේ පවුල්වල අයම ඒ අවට තම ගෙවල් හදා ගැනිල්ල ගැන කට ඉස්සර කර ගැනීමට ඒ පවුල්වල කවුරුත් අදිමදි කළහ.

ඔයින් මෙයින් කල් ගෙවී නජිංගේ වත්තේ පොඩි අඹ පැල දෙක තරගෙට අඹ ගෙඞ් දෙන්නට පටන් ගන්නා කාලය වන විට දරුවන්ද මුහුකුරා ගොස් උන්ගේ පැටවුන්ද නජිංට සීයා කියන්නටද වන්හ. ගසින් වට පොල් වල්ලක ගෙඩි මෙන් සිය දරු මුණුබුරන් ගමේ තැනින් තැනට විසිරෙනු දැක නජිං හු මිටි තැබුවේ නෝනක්කාටත් හොරෙනි. එහෙත් ඔහුගේ හිතේ යට ගියාව ගැන ආඩම්බරයක් නැතිව නොවේ. නජිංගේ එකම පුතුට ආදරේට කීවේීඋංගාv කියාය. උංගා ඒ නම ලැබුවේ කුඩා කල ඔහු අමතා අඩනා කලෙක ඒ අසා සිටි මද්දුමී නිසාය. උංගා උංගා කියා බිළිඳා ලතෝනි දෙන විට මද්දුමී කුස්සි කෑල්ලේ සිට උංගා උංගා කියන්නට වන්නීය. පසුව ඇයට එය පුරුද්දක් වන්නට වීය. ගගා ඉන්න පොල් බෑයෙන් උකුණු වලට ටොක්කක් වදින තුරු ඇගේ වැඬේ පොඩි එකාට කෙලොප්පන් කිරීමය. ඇය නොවේ ඉන් පසු කෑ ගෑවේ. පසුව කාටත් ඌ උංගා විය.

උංගා නජිංගේ කපාපු පළුවමය. ඇවිද්දේ ද නජිං ඇවිදින විදියටමය. නජිං වැඩියෙන් ආදරේ කළේද උංගාටය. උංගාගේ ආල සම්බන්ධයක් ගැන නජිංගේ කනට වැටුණද නජිං ඒ ගැන වැඩි සෙවිල්ලක් නොවීය. දුවරුන්ගේ දරුවන් ගැන බලනු ඇරෙන්නට උංගා පස්සෙන් යන්නට මේ කාලය නොවේ යැයි නෝනක්කාද තේරුම් ගෙන තිබිණ. උජාරුවට චන්දරපට සරම ඇඳ කමීසය උඩ කෑල්ලට ඇඳ තැඹිලි තෙල් සිඳවා කරපිංචා දමා නොනක්ක හැදු තෙල් බෝතලෙන් කාලක්ම ඔලූවට දමා උගේ යස්ස කොණ්ඩය පීරා අකක්ලාගේ පුයර ටින් වලින් ගත් පුයර මුහුණේ උලා ඌ යන්නේ මගුල් තුලාවකටදැයි මද්දුමී අම්මාගෙන් නෝක්කාඩු කර ඇසීම.

සුද්දී ඇහැට කනට පේන එකියකි. පිංකම් පැවැත්වෙන දවස්වලට ඇගේ අතින් මැහෙන කොට්ට උරය ගන්නට ඉලන්දාරී පොරකති. ඈවරයි... දෑවරයි.... තුන් ඈවරයි..... කියා කොට්ට උරය කොහොමටත් යන්නේ ඉලන්දාරියෙකු අතටමය. එදා පංසලේ පිංකමෙන් පසු ඇට්ෙටීරියා ගහ යට ඈත වෙල් යායට හඳ පායන හැටි බලාගෙන සුද්දීත් උංගාත් විඩෙන් විඩ කතා කරන්නට වන්හ. සුද්දී හින්නිගේ යාළුවෙකි. ඒ දැන ඇඳුනුම්කම උංගාට පනින රිලවුන්ට ඉණිමං බැඳීමකි. ඇටිටේරියා මල් සුවඳ වටින් පිටින් හුළගේ ගෑවී නාස්පුඩු අතර කරකැවෙද්දී උංගාගේ බඩ පපුවේ සමනල්ලූ කිතිකවනවා මෙනි. උංගා මුලින්ම ඇගේ අතින් ඇල්ලූයේ ගිංගගින් එගොඩ වන්නට ඔරුවට ගොඩවන විටය. ගිං ගගේ මැද්දෑවට වන්නට ඔරුව හක්කලන් කරනවිට  මාරියාව වැඩිවී කොල්ලෑව දග දාන්නට විය. හබල් පහර ගග ඉවසුවේ නැති තරම්ය. ඇගේ මුහුණෙන් පළවන බිය අඳුනාගත් උංගා එය වියැකෙන්නට ඈත ඉවුරේ පෙනෙන කිරල ගස් ගැන කතා කරන්නට විය. අන්තිමේදී කිරල වැලක් ඇගේ ගෙදරට ගෙනත් දෙන පොරොන්දුව පිට ඔරුව මෙගොඩට සේන්දු විය. හින්නිත් එක්ක ගෙදරට ආ උංගාගේ පා වෙනදාට වඩා ඉක්මන් කරන්නට විය. මල්ලී හෙමින්... හෙමින්... යැයි හින්නි කෑ ගසන තුරුම ඔහු නොවෙයි ගමන බාල කළේ උංගාගේ වෙනස කාටත් කළින් දැනුනේ හින්නීටය. වදෙන පොරෙන් ඇයව සුද්දීගේ ගෙදර යන්නට කැමති කරවා ගන්නට උංගාට හැකි විය. හොඳ කිරල වැල් තුනකුත් ආඳා මාලූවන් ටිකකුත් පන් මල්ලේ රුවා අක්කත් ඉස්සර කරගෙන දෙන්නා පාන්දරම පිටත් විය.ීහින්නි, තව දුරෙයි බංvීඅර මක්කටෙයි දුරක්, ඔන්න ඔහෙ කට පියාගෙන වරෙං හින්නි ඔච්චම් කළාය. ඇගේ කොලොප්පං උංගාට නොදැනුනේ සුද්දී මතක් උන නිසාය. අවසානයේදී අක්ක මලෝ දෙදෙනාගේ යාම් ඊම් නැවතුනේ සුද්දී සහ උංගා එක ගෙදර වසන්නට ගත්තාට පසුවය. සුද්දීත් උංගාත් හොඳට කැපෙන ජෝඩුවකැයි ගමේ කාගේත් පිළිගැනීම විය. සුද්දී සහ උංගා පවුල් කෑවද දෛනාටම දරු සම්පතක් නොලැබීම නජිංගේ හිතට වදයක් විය. නජිං නෝනක්කා සමග නොගිය දේවාලයක් පන්සලක් නැත. අන්තිමේ ශිව දේවාලයේ ශිව ලිංගය කිරෙන් නහවා වත් පිළිවෙත් කළාටත් පසුවය සුද්දිගේ කුසට දරු පැටියෙක් අවේ.